Variables in Java - සිංහල

අද අපි Java වල ඇති විචල්‍ය(variables)  ගැන කතා කරමු. Javaහි ප්‍රධාන වශයෙන්ම අපට variables වර්ග 4ක් ලෙස සලකා බලන්න පුළුවන්.

1. Instance Variables (Non-Static Fields)
Instance variables යොදාගන්නේ classes වල objects (instances) වලට reference කරන්නයි.

2. Class Variables (Static Fields)
මෙහිදී අපි static යන modifier එක variable එකේ නම ඉදිරියෙන් යොදනවා.එමගින් compiler එක දැනගන්නවා හරියටම මේ නමින් එක variable එකක් විතරයි තියෙන්නේ යන්න. අපි final කියන keyword එකත් යෙදුවොත් variable එකේ අගය වෙනස් වෙන්නේ නැති බව එකෙන් කියවෙන්නේ.

3. Local Variables
මේ variables declare කරන්නේ method එකක් තුල ය. අදාළ method එකෙන් පිට class එකේ වෙන තැනක variable එක භාවිත කරන්න බැහැ.
    
4. Parameters
අපි main method එක උදාහරණයක් විදිහට සලකමු. public static void main(String [] args){} මෙහි args variable එක method එකට parameter එකක් වේ. ඒවගේම constructors ද  parameter variables arguments ලෙස ගනී.
  
ඔයාට variables සහ fields කියන්නේ එකම ද නැත්නම් වෙනස් ද කියලා ප්‍රශ්නයක් ඇති.Local variables සහ Parameters ,fields ලෙස සලකන්නේ නැහැ.  Object එකක් එයාගේ state එක store කරගන්නේ field එකකයි.

Java Variable නම්කිරීමේ නීති සහ රීති
  • Variable එකක නමක් අකුරකින් , ඩොලර් ලකුණින් ($), _ ලකුණින් පටන් ගත හැක.නමුත් $ හෝ _ මුලින් නොයදනවනම් වඩාත් හොද ය.මක්නිසාද යත් සමහරක් auto generated  නම් $ ලකුණින් පටන් ගනී.
  • Variable එකක නමක් ඉලක්කමකින් පටන් ගත නොහැක.
  • වචන හා අකුරු අතර white spaces භාවිත කල නොහැක.
  • Java key words variable එකක නමක් ලෙස ගත නොහැක.
abstractcontinuefornewswitch
assertdefaultgotopackagesynchronized
booleandoifprivatethis
breakdoubleimplementsprotectedthrow
byteelseimportpublicthrows
caseenuminstanceofreturntransient
catchextendsintshorttry
charfinalinterfacestaticvoid
classfinallylongstrictfpvolatile
constfloatnativesuperwhile

Non-static variable එකක් declare කරනවිට Lower CamelCase නාමකරණය යොදා ගැනීම වඩාත් සුදුසුය. Variable එකේ නම lower case අකුරකින් පටන් ගන්න. වචන කිහිපයක් variable එකේ නමට තියෙනවනම් දෙවෙනි වචනේ සිට සෑම වචනයකම පලවෙනි අකුර upper case කරන්න. 

 උදා: thisIsLowerCamelCase 

නියත (constant) Variable Declarion

constant variable එකක් ඉදිරිපත්කිරීමේ පිළිගත් ආකාරය වන්නේ සෑම අකුරක්ම upper case කිරීම සහ වචනයකට වඩා ඇත්නම් වචන වෙන් කිරීම සදහා _ සලකුණ භාවිත කිරීමයි.



උදා: static final int START_POINT = 10 ;


Comments

Popular posts from this blog

UML - Use Case Diagrams

How I faced to OCJP exam...

My Experience at Women Techmakers Leads Mini-summit APAC at Google Singapore