Data Types in Java - සිංහල

අද අපි බලමු Java වල තියෙන දත්ත වර්ග (data types) මොනවද කියලා. ප්‍රධාන වශයෙන් Primitive Data Types සහ Reference Data Types ලෙසට වර්ග දෙකක් ගන්න පුළුවන්.

Java කියන්නේ statically-typed භාෂාවක්. Variables භාවිතයට ගන්න කලින් ඒවා හදුන්වාදීම(Declare) අත්‍යවශයි. මෙහිදී කලයුත්තේ variable එකේ නම සහ අදාළ data type එක සදහන් කිරීමයි.

උදා: int num ;

Variable එකකට අගයක් ලබා දීම(Initializing)...

ඉහතදී හදුන්වාදුන් variable එක int type නිසා මෙහි අගයද int type විය යුතු ය.
උදා: int num = 10 ;

Javaහි Primitive Data Types 8ක් ඇත.


  1. byte
  2. short
  3. int
  4. long
  5. float
  6. double
  7. boolean
  8. char
මෙම data types 8ට අමතරව String data type එක ඇත. String ඉදිරිපත්කිරීමේදී ද්විත්ව උද්ධෘත පාඨ 
( " " ) අතර ඉදිරිපත් කරයි.

උදා: String s = "string example";

අප String එකක් හදුන්වා දෙන විට ඉබේම(automatically) Heap එකේ String Constant Poolහි object එකක් නිර්මාණය වේ. String එකකට වරක් අගයක් ලබා දුන්පසු එම අගය නැවත වෙනස් කල නොහැක. (immutable - නිත්‍ය) එවිට තවත් object එකක් නව අගයට අදාලව නිර්මාණය වේ. 





String s1 = "ABC";
String s2 = "xyz";
s1 = s1 + "DE";



Comments

Popular posts from this blog

UML - Use Case Diagrams

How I faced to OCJP exam...

My Experience at Women Techmakers Leads Mini-summit APAC at Google Singapore