Hello World Java - සිංහල

මුලින්ම අපි notepad වගේ text editor එකක් සහ command prompt එක use කරලා අපේ පලවෙනි Java program එක run කරමු. පසුව NetBeans I.D.E. එක use කරන ආකාරය බලමු.

Java ගැන පොඩ්ඩක් කතා කලොත් Java කියන්නේ Object Oriented, High-level programming language එකක්.
Java ක්‍රියාත්මක කරන්න ඔබේ පරිගණකයේ Java Development Kit  (JDK) install කර තිබීම අත්‍යවශයි.
JDK හා NetBeans  මේ ලින්ක් එකෙන් download කරගන්න පුළුවන්. JDK download කරගත් විට Virtual Machine (JVM), Java core core classes සහ Java libraries අන්තර්ගත වෙන Java Runtime Environment(JRE) එක ඔබට ලබාගැනීමට පුළුවනි.

Java  ක්‍රියාත්මක කරන්න නම් Java bin path එක path-variable එකට set කරගන්න ඕනි.

1 පියවර :

  C Drive -> Program Files -> Java -> jdk -> bin-> path එක copy කරගන්න .
(folder icon එකක් එක්ක උඩින්ම මේ path එක තියෙන line එකේ click කලාම path එක copy කරගන්න පුළුවන්)

පියවර :

Computer -> Properties -> Advanced system settings -> Environment variables... -> select 'path' variable in System variables -> Edit... -> semicolon(;) එකක් type කරලා path එක paste කරගන්න.backslash(\) එකක් type කරලා  'OK' click කරන්න.

දැන් අපි අපේ පලවෙනි code එක ලියමු.

1. ඔයාගේ text editor එකේ මේ code එක  ලියාගන්න.

public class MyFirstJavaProgram {

    public static void main(String[] args) {
        System.out.print("Hello world Java");
    }
}

code එක මෙහෙම දැනට කෙටියෙන් විස්තර කරන්න පුළුවන්.
Method එකක් declare කරන්නේ class එකක් තුළයි. Java code එකක් run වෙනකොට main method body එක top to bottom execute වෙනවා. අපිට Java code එකක් run කරන්න බැහැ main method එක නැතුව. නමුත් compile කරන්න පුළුවන්.


2. MyFirstJavaProgram.java ලෙස මේක save කරගන්න.

File -> Save As... ->  File name    : MyFirstJavaProgram.java -> Save
                                   Save as type: All Files

Source file එකේ නම වෙන්න ඕනේ අපේ class එකේ නම .java කියන file extension එක එක්ක.

3. Command prompt එක open කරගන්න. අපේ file එක save කරගත්ත තැනට යන්න.

Shift + Right click -> Open command window here

4. javac MyFirstJavaProgram.java කියලා type කරලා enter කරන්න. Error එකක් නැත්නම් ඊලග line එක ඒවි.

javac කියන command  එක එක්ක අපේ file name ( class name) එක .java කියන extension එකත් එක්ක type කරලා enter කලාම අපිට අපේ code එක compile කරගන්න පුළුවන්. දැනට අපිට text  editor එකෙන් පෙන්නේ human readable format එකට. Compile කලාම class file එක හැදෙනවා. ඒක තියෙන්නේ computer readable format එකෙන්. දැන් File එක save කරපු තැනට ගිහින් බැලුවොත් MyFirstJavaProgram.class කියන නමින් තවත් file එකක් generate වෙලා තියෙනවා බලාගන්න පුළුවන්.


5. java MyFirstJavaProgram කියලා type කරලා enter කරන්න. Error එකක් නැත්නම් output එක display වේවි.

java කියන command  එක එක්ක අපේ file name ( class name) එක type කරලා enter කරාම අපිට අපේ code එක run කරගන්න පුළුවන්.



දැන් අපි බලමු  NetBeans I.D.E. එකෙන් අපේ පලවෙනි program එක run කරගන්න.



NetBeans -> File -> New Project -> Categories වලින් 'Java' සහ Projects වලින්  'Java Application' select කරගන්න-> Next -> Project Name එක MyFirstJavaProgram ලෙස ලබා දෙන්න -> කැමැති Location එකක් සහ Folder එකක් ලබා දෙන්න.-> create Main class යන්න ඉදිරියෙන් tick කරන්න ->Finish



NetBeans අපේ වැඩ ප්‍රමාණය අඩු කරනවා. මෙහිදී අපිට කරන්න තියෙන්නේ අපේ print statement එක main method එකේ type කිරීම පමණයි.



Program එක compile කරන්න මෙහිදී ක්‍රම කිහිපයක් භාවිතා කරන්න පුළුවන්.
1. Main Menu -> Run -> Build Project
2. f11 යන key board කෙටි මග භාවිත කිරීම.
3. Icon Menu එකේ ඇති මෙම icon එක මත click කිරීම



                                                                                                                                                          මෙහිදී error එකක් නැතිනම් BUILD SUCCESSFUL යනුවෙන් output window එකේ දකින්නට ලැබේවි.
 
Program එක run කිරීමට ද මෙහිදී ක්‍රම කිහිපයක් භාවිතා කරන්න පුළුවන්.
1. Main Menu -> Run -> Run Project
2. f6 යන key board කෙටි මග භාවිත කිරීම.
3. Icon Menu එකේ ඇති මෙම icon එක මත click කිරීම



Run කිරීමෙන් පසුව output window එකෙන් 'Hello world Java' යන්න දැකගැනීමට පුළුවනි.




Comments

Post a Comment

Popular posts from this blog

UML - Use Case Diagrams

How I faced to OCJP exam...

My Experience at Women Techmakers Leads Mini-summit APAC at Google Singapore